© Shalitha Nayanapriya | 2012 | All rights Reserved. Powered by Blogger.

Blog Archive

Friday, December 13, 2013

Firefox බ්‍රවුසරය වෙතට නව මුහුනතක් අත්හදා බැලීම ඇරබේ!!!!

Firefox බ්‍රවුසරය වෙතට නව මුහුනතක් අත්හදා බැලීම ඇරබේ!!!!


  Mozilla පවනවා තමන් තම Firefox බ්‍රවුසරය වෙත නව මුහුනතක් හා දියුනු කිරීම් කිහිපයක් හදුන්වා දෙන්නට කටයුතු කරමින් සිටින බවකි.Australis ලෙසටන නම් වන මෙම නව theme ය  අද දිනයේ සිට අත්හදා බැලීමේ මට්ටමින් නිකුත්වන අතර ආයතනය පවසන්නේ අනාගතයේදී දියුනු කරන්නට බලාපොරොත්තුවන streamlined interface භාවිතාවක් ඉලක්ක කරගනිමින් මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක වන බවයි. දැනට නිකුත්වන අත්හදා බැලීම් ඔස්සේ ලැබෙන ප්‍රථිචාර මත එලබෙන අප්‍රේල් මාසයේ පමන මෙහි අවසාන සංස්කරනයක් නිකුත්කරන්නට දැනට ඔවුන් සැලසුම් කර ඇති බවටයි නිවේදනය කර සිටින්නේ. ආයතනය සියලුමපාහේ මෙහෙයුම් පද්ධති මත ක්‍රියාත්මක වන තම බ්‍රවුසර සංස්කරනයන් සදහා වේගවත් දියුනු කිරීම් සදහා අවධානය යොමුකර ඇති අතර පවසා සිටින්නේ බ්‍රවුසර මට්ටමේ සිට සියලුම platforms අතර ඒක මිතික භාවිතාවකට භාවිතාකරන්නා හට අවකාශ සැලසීම තම ඉලක්කයක්ව ඇති බවයි. ආයතනය පවසන්නේ නව අත්හදා බැලීම් සදහා උනන්දුවක් දක්වන භවිතාකරන්නන් සදහා මෙම නව පෙර සංස්කරනය පහත දැක්වෙන ලිපිනය ඔස්සේ දැන් ලබා ගත හැකි බවයි.

No comments:

Post a Comment