© Shalitha Nayanapriya | 2012 | All rights Reserved. Powered by Blogger.

Sunday, November 3, 2013

Merlin සිංහල උපසිරැසි සමගින්

ඔන්න ඉතින් ඔයාලා ගොඩක් ආදරය කරන තවත් රූපවාහිනී කතාමාලාවක ආරම්භය තමයි මේ. Colin Morgan (Merlin), Bradley James (Arthur) , Richard Wilson (Gaius), Angel Coulby (Gwen), Katie McGrath (Morgana), Anthony Head (Uther Pendragon), John Hurt (The Dragon's voice) යන අය විසින් පණ පොවන මේ කතාමාලාව IMDb Ratings: 7.6/10ක් වැනි ඉහල අගයක් අරන් තියෙනවා. ශ්‍රී ලංකාව තුල රූපවාහිනිය හරහා විකාශය වීමට පටන්ගත් කාලයේ පටන්ම අප රට තුල ප්‍රේක්ෂකයින්ගේ හදවත් දිනාගත් මේ කතා මාලාව අද ඉදන් සූම් වෙතින් ඔයාලට ලැබේවි, සීසන් 1 ඉවර වුනාම ඉතිරි ඒවත් දෙනඑක ඔයාලගෙ ප්‍රතිචාරය මත තමයි තීරණය වෙන්නෙ. කතා මාලාව ගැන ටිකක් කිවුවොත්, මර්ලින් කියන්නෙ තරුණ වියේ පසුවන කෙනෙක්(teenager) ඒවගේම ඔහුට මායාව පිළිබදව සහජ හැකියාවක් තියෙනවා. ඔහු කැම්ලොට් වලට ආපසු ඔහුව බාරගන්නා Gaius නැතිනම් රාජකීය වෛද්‍යවරයා ඔහුට යම් යම් දේ කියාදෙමින් රජුගෙන් ඔහුගේ රහස සගවාගෙන කාලය ගතකරනවා. මේ අතරතුර පොළව යට සිරකර ඇති මකරකු විසින් ඔහුට ඔහුගේ දෛවය පහදා දෙනවා. ඔහුගේ දෛවය තමයි රජුගේ (Uther) පුත් නැතිනම් අනාගත රජු Arthur Pendragon ආරක්ෂා කිරීම. එතකොට විතරයි මර්ලින්ගෙ දෛවය සාර්ථක කරගන්න පුළුවන් වෙන්නෙ. මේ අතරතුර සිදුවන යම් යම් කරදර මැඩගෙන මර්ලින් තමන්ගේ දෛවය සාර්ථක කරගන්නා හැටි තමයි මේ කතාවෙන් දිග හැරෙන්නෙ. දැන් අද කොටස බලමු.


තරුණවියේ පසුවන මර්ලින්ව ඔහුගේ මව විසින් වඩාත් හොද ජීවිතයක් ගත කිරීම සදහා කැම්ලොට්හි Gaius ලගට යවනවා. ඔහු තමයි Utherගේ රාජධානියේ රාජකීය වෛද්‍යවරයා. ඒවගේම Uther මායාව සලකන්නේ මහත් දරුණු දෙයක් ලෙසයි. මර්ලින්ට මායා හැකියාවක් තියෙනවා කියලා Gaius දැනගත්තහම, ඔහු එය රජුගෙන් සගවාගන්නවා. ඒවගේම මේ අතරතුරේදි වෙනත් මයාකරුවෙකුට මරණ දඩුවම ලබාදීමට Uther පෙළඹෙනවා. ඊට පසුව ඒ මායාකරුගේ මව විසින් සාපයක් ඇති කරනවා...ඊළගට මොනා වේවිද? ඒ ටික ඔයාලට බාරයි. ආ.. මේකෙදි තමයි මර්ලින්ට මකරාව මුනගැහෙන්නෙත්. එහෙනම් අරන් බලන්නකෝ. කමෙන්ට්එකක් දාන්නත් අමතක කරන්න එපා හොදේ. 

මෙම ටොරන්ට් පටයේ පළමු කතාමාලාවේ සියළු කොටස් අඩංගු වේ.



No comments:

Post a Comment