© Shalitha Nayanapriya | 2012 | All rights Reserved. Powered by Blogger.

Blog Archive

Friday, December 13, 2013

Microsoft නව ආරක්ශක ක්‍රමවේද හදුන්වාදෙන්නට කටයුතු කරයි!!!!

Microsoft නව ආරක්ශක ක්‍රමවේද හදුන්වාදෙන්නට කටයුතු කරයි!!!!

  භාවිතාකරන්නන්ගේ තොරතුරු වල සුරක්ශිත බව ප්‍රධාන පෙලේ තොරතුරු සේවා සපයන ආයතන වල වැඩිම අවධානයක් ලබා ගෙන ඇති කාරනාවක් බවට පත්ව තිබෙනවා. ඔවුන් පවසමින් සිටින්නේ රාජ්‍යමට්ටමින් සිදුවන බවට හෙලි වෙමින් ඇති තොරතුරු වලට අනවසර එබී බැලීම් ඔස්සේ භාවිතාකරන්නන්ගේ විස්වාශය බිද වැටීම තිර්ර්නාත්මකව තොරතුරු ලෝකයේ හෙට දවස කෙරෙහි බලපානු ඇති බවයි.ගතව කිය මෑත කාලය තුලදී ප්‍රධාන ආයතනය අටක සහභාගීත්වයෙන් සකස්වූ ඉල්ලීමක් පවා ඇමරිකානු රජය වෙතට ඉදිරිපත් කරන්නට මෙම ආයතන කටයුතු කොට තිබුනා.
                           මයික්‍රසොෆ්ට් ආයතනය මේ වන විට තම භාවිතාකරන්නන්ගේ සුරක්ශිත බව තහවුරු කරනු වස් තවත් පියවර කිහිපයක් හදුන්වාදෙන්නට කටයුතු කොට ඇති බවටයි පවසා සිටින්නේ.ඒවා අතර තම ගිනුමට පිවිසෙන භාවිතා කරන්නෙකුට මෑතකදී තම ගිනිම සම්බන්දයෙන් සිදුව ඇති ක්‍රියාකාරකම් පිලිබදව විස්තරයක් ලබා දෙමින් එම සිදුවීම් සදහා තමන්ගේ දැනුවත් බව හෝ නොදැනුවත් බව දක්වන්නට අවස්ථාවක් ලබාදීම සිදුව තිබෙනවා.එසේම තම තොරතුරු එන්ක්‍රිප්ට් මට්ටමමින් ආරක්ශා කරන්නට ආයතනය කටයුතු කරමින් සිටින අතර  මෑතක සිට ගිනුව්මකට පිවිසෙන්නන්හට ද්විත්ව ‍රැකවරන ක්‍රමවේදය(Two step verification) ලබා දෙන්නටද ආයතනය කටයුතු කොට තිබුනා.

so.cl සමාජ ජාලය සදහා iOS හා Android සදහා app නිකුත්වේ!!!!

so.cl සමාජ ජාලය සදහා iOS හා Android සදහා app නිකුත්වේ!!!!


  නෙක ආකාර ගත් සමාජ ජාලා බොහොමයක් ඇත.ඒවා අතරින් Facebook,Google Plus, Twitter, LinkedIn, Pinterest, Instagram  බෙහෙවින්ම සදහන් වන සමාජ ජාලාවන් ලෙසට පිලිගැනේ. මයික්‍රසොෆ්ට් සමාගමද 2011 දී පමන තම සමාජජාලාවක් හදුන්වා දෙන්නට කටයුතු කරන ලදී.එම ප්‍රසිද්ධ නිකුතුවත් සමග එය සො.ච්ල් ලෙසට නම් වූ අතර  එය මයික්‍රසොෆ්ට්  පර්යේක්ෂන අංශය යටතේ එන FUSE Labs  වෙතින් සිදුවූ නිකුතුවක් ලෙසටයි නිවේදනය වූවේ. මෙතෙක් එම සමාජ ජාලය භාවිතාව සදහා බ්‍රවුසරයක් ඔස්සේ පමනක් ඉඩ තිබුනු අතර මයික්‍රසොෆ්ට් වෙතින් වන නිවේදයක් පවසන්නේ මේ වන විට එම සේවාව ios හා Android app ලෙසට භාවිතාකරන්නට හැකිවන බවයි.Bing යාන්ත්‍රනය සතුව ඇති තොරතුරු භාවිතාකරන්නන් අතර විවිධ හැඩ තල යටතේ යලි යලිත් විසුරවාලීම මූලික කරගත් අරමුනකින් ක්‍රියාත්මක වන මෙම සමාජ ජාලය වෙත මේ වන විට සම්බන්දව ඇති භාවිතාකරන්නන් ප්‍රමානය තවමත් මයික්‍රසොෆ්ට් සමාගම හෙලි කොට නැති වුවද නව පියවරත් සමග නව භාවිතාකරන්නන් විශාල පිරිසකගේ අවධානය එම සමාජ ජාලය වෙතට ලැබෙනු ඇති බවටයි ඔවුනගේ බලපොරොත්තුව වන්නේ.

Windows 8.2 යාවත්කාලීනයක් 2014දී????

Windows 8.2 යාවත්කාලීනයක් 2014දී????

  මයික්‍රසොෆ්ට් සමාගම ප්‍රධාන මට්ටමේ කිසිදු නිකුතුවකට 2014 තුලට සැලසුමක් නොමැති බවටයි වින්ඩෝස් 8.1 නිකුතුවත් සමග පලවන වාර්ථා පවසා සිටියේ. මෑතකදී පලවන තොරතුරු වලින් පැහැදිලි කර සිටියේ වින්ඩෝස් මෙහෙයුම් පද්ධතියේ මීලග ප්‍රධාන යාවත්කලීනය 2015 දී සිදුවනු ඇති බවත් එය මේ වන විට ආයතනය තුල “Threshold” නම් සංකේථ නාමයෙන් සංවර්ධනය වෙමින් ඇති බවකි.එම නොනිල තොරතුරු අතරට  එක්වන නවතම තොරතුරක් පවසන්නේ වින්ඩෝස් සදහා වන මීලග ප්‍රධාන යාවත්කාලීනය 2014 තුලට මේ වන විට සැලසුම් වෙමින් ඇති බවකි.වින්ඩෝස් 8.2 ලෙසට නම්ව වේගවත් කර ඇති මයික්‍රසොෆ්ට් වින්ඩෝස් මෙහෙයුම් පද්ධති සදහා යාවත්කාලීන නිකුත්කිරීමේ ක්‍රියාවලිය ඔස්සේ සිදුවනු ඇති බවටයි එම තොරතුර පවසා සිටින්නේ.එම යාවත්කාලීනයත් සමග හිරි පුරුදු සම්පූර්න Start බටනයේ නැවත පැමීනීම හා Modern app පැරනි හුරු පුරුදු ඩෙස්ටොප් මුහුනත මතද ධාවනය වීමේ හැකියාව ඇතුලු අංග කිහිපයකින් සමන්විත වනු ඇති බවටයි වැඩි දුරටත් සදහන් වන්නේ. Windows Phone අදහා Blue සංස්කරනය පැමිනීමද 2014ට නියමිතව ඇති අතර එය සදහා වන වින්ඩෝස් Threshold නිකුතුව 2015 දී පමන බලාපොරොත්තුවිය හැකි බවටයි වැඩි දුරටත් සදහන් වන්නේ.

Phone 8 Skype app සදහා නව සංස්කරනයක්!!

Phone 8 Skype app සදහා නව සංස්කරනයක්!!

  මයික්‍රසොෆ්ට් සමාගම තම Skype සදහාවන වින්ඩෝස් ෆෝන් 8 app මෘදුකාංගයේ නව සංස්කරනයක් නිකුත්කරන්නට මේ වන විට කටයුතු කොට තිබෙනවා. නව අංග කිහිපයක්ද සහිතව එන මෙම නව සංස්කරනය 2.13 ලෙසට දැක්වෙනු ඇති බවටයි  නිවේදනය වන්නේ. ඒව අතර chat maessage වල copy and paste  හැකියාව , මෘදුකාංගය වෙගයෙන් අවදිවීමේ හා ක්‍රියාත්මක වීම මෙන්ම වැඩි සුපැහැදිලි බව දක්වා සිටිනවා.ආයතනය් වින්ඩෝස් ෆෝන් 7 සදහා වන ඇප් සංස්කරනය වෙත සහය දැක්වීම මේ වන විට අවසන් කොට ඇති අතර වින්ඩෝස් ෆෝන් 8.1 සංස්කරනය 2014ට නියමිතව ඇති අතර එහිදී වඩාත් සිත් ගන්නා සුලු නවාංග කිහිපයක් සමග එනු ඇති බවටයි බලාපොරොත්තු පලකොට සිටින්නේ.

ගූගල් ග්ලාස් වෙත තවත් අවන්හලකින් තහනමක්!!!!

ගූගල් ග්ලාස් වෙත තවත් අවන්හලකින් තහනමක්!!!!


  ගූගල් ග්ලාස් වෙතට දැක්වෙන ප්‍රථිචාර කෙමෙන් සංකීර්න වෙමින් ඇත.ඒහා සම්බන්දිතව වුනු වාර්ථා අතර ප්‍රකට අවන්හල් ආයතනයක් තම අවහන්හල් වෙතට එන  පාරිභෝගිකයන් සදහා ආයතනය තුලදී ගූගල් ග්ලස් පැලදීමට ඉඩ නොතබන බවට නිවේදනය කලේ අනෙකුත් පාරිභෝගිකයන් ඒ තුලින් අපහසුතාවයට පත්වීමට ඇති ඉඩ කඩ පිලිබදව අවධාරනය කරමිනි. මදක් සංකීර්න වාර්ථාවක් වුවද පසුගියදා ගූගල් ග්ලස් පැලද වාහනයක් ධාවනය කරමින් සිටි කාන්තාවක් වෙත නිකුත්කලදඩ කොලයක් අන්තර්ජාලය තුල පල කරමින් පවසා සිටියේ අදාල නිලධාරියා ඇය වෙත ගූගල් ග්ලාස් පැලඳ සිටීම පිලිබදව චෝදනාත්මක බව මූලිකව කටයුතු කල බවකි. ෆේස්බුක්වල තම පි‍ටුව තුල මදක් සුහඳ නොවන පලකිරීමක් සමග Lost Lake Cafe & Lounge in Seattle ආයතනයද මේ වන විට ගූගල් ග්ලාස් පැලඳ තම ආයතනය වෙතට පැමිනීම වැලැක්විමට තීර්නය කොට ඇති බවටයි වාර්ථාවන්නේ.තීර්නාත්මක වෙනසක් ‍රැගෙන ‍රැගෙන එන නව තොරතුරු භාවිතාවක් ලෙසට හදාරන්නන් පිලිගැනෙන ගූගල් ග්ලාස් භාවිතාව වෙතට පල වෙමින් ඇති මෙම අනම්‍ය ප්‍රථිචාර සමග තම ඉදිරි ගමන තීර්නය වනයුරු පිලිබද කථාන්දරය වඩාත් අපූර්ව එකක් වනු ඇති බවටයි ඔවුන් පවසන්නේ.

Facebook නව වෙනස්කම් සාර්ථක බව පවසයි!!!

Facebook නව වෙනස්කම් සාර්ථක බව පවසයි!!!


  Facebook පවසා සිටින්නේ තමන් විසින් පසුගිය නොවැම්බරයේ පවසා සිටි පරිදි තම අඩවිය මතවන ගිනුමක සම්බන්දයෙන් යම් වෙබ් අඩවියක වන "Like" හා "Share" කිරීම් සදහා ලබ දුන් බටනයන්ගේ නව පෙනුමක් සහිත හදුන්වාදීම මේ වන විට සියලුම භාවිතා කරන්නන් වෙත මුදා හැරීම සිදුව අවසන් බවයි. එම ආයතනය වැඩි දුරටත් පවසන්නේ නව පෙනුම ඔස්සේ වැඩි අවධානයක් එම බටනයන් වෙතට ලැබි ඇති බවට තමන් දකින බවත් වෙබ් අඩවි වෙත යනෙන්නන් අතරින් එම බටනයන් භාවිතය වැඩි වීමක් දක්නට ඇති බවත්ය. මීට අමතරව එම ආයතනය පසු ගිය කාලයේ සිට මුදා හල තවත් පහසුවක් වූ "embedded posts" පහසුව සදහාද වැඩි දියුනු කිරීමක් නිකුත්කොට ඇති අතර ඒ අනූව භාවිතාකරන්නෙකුට pixels 330 සිට 750 දක්වා වැඩි පරාසයකදී තම පල කිරීම් වෙබ් අඩවියක් මත embed කිරීමට හැකි වනු ඇති බවයි.  ෆේස්බුක් ආයතනය වැඩි දුරටත් පවසන්නේ තම අඩවියෙන් භාහිර අඩවි වෙතට යන්නන් පසුගිය මාසය ගැන පමනක් සැලකීමේදී පවා 47%ක ඉහල යාමක් දක්නට හැකිවූ  බවය. එම සංක්‍යාව සාමන්‍යයෙන් වසරින් වසර 170%ක ඉහල යාමක දක්නට ලැබෙන බවටයි එහිදී වැඩි දිරටර්ග් එම ආයතනය පවසා සිටින්නේ.

Yahoo.mail අපහසුතාවය වේගයෙන් විසදමි සිටින බවට යාහූ ආයතනය පවසයි!!!!

Yahoo.mail අපහසුතාවය වේගයෙන් විසදමි සිටින බවට යාහූ ආයතනය පවසයි!!!!

  යාහු පවසන්නේ සමහර භාවිතාකරන්නන් වෙත බල පාමින් ඇති Yahoo Mail භාවිතයට අපහසු වීමේ ගැටලුව කෙරෙහි තම ආයතනයේ දැඩි අවධානයට ලක්ව ඇති බවත් දැනට හදුනා ගෙන ඇති ආකාරයට දෘඩාංගමය ගැටලුව තාක්ශනවේදීන් අතින් සැකසෙමින්ද ඇති බවයි. ආයතනය වැඩි දුරටත් පැහැදිලි කර සිටින්නේ දින කිහිපයකට පෙර ගැටලුව ආරම්භයේදී අපහසුතාවයට පත්ව සිටි භාවිතාකරන්නන්ගෙන් සැහෙන පිරිසක් සදහා මේ වන විට තම සේවය භාවිතාකිරීමේ හැකියාව ඇති මුත් තවමත් ගැටලුව බල පැවැත්වෙමින් ඇති භාවිතාකරන්නන් වෙනුවෙන් කටයුතු කරමින් ඇති බවකි.කලකට ඉහතදී ඊමේල භාවිතාවේ යෝධ කාර්යභාරයක් ඉ‍ටුකරමින් සිටි යාහූ ආයතනය මේ වන විට මහත් පසු බෑවුමකට ලක්ව ඇති අතර Outlook හා Google වෙතට අවධානය දිනා ගෙන සිටින තම භාවිතා නැවත කැදවා ගැනීම සදහා විශාල උත්සාහයක සි‍ටුනු දක්නට හැකිය.තම අභ්‍යන්තර සේවක පිරිස වෙතට පවා තවමත් ආයතනයේ ඊමේල් සේවාව ගැන ගිලිහී ගොස් ඇති විස්වාසය සතු‍ටු විය හැකි මට්ටමකට ගෙන ඒමට නොහැකි වී ඇති බවටයි පලවන වාර්ථා පවසා සිටින්නේ.

මීලග iPhone එක වක්‍ර හැඩැතිව 2014 දෙවන භාගයේ!!

මීලග iPhone එක වක්‍ර හැඩැතිව 2014 දෙවන භාගයේ!!


  ඇපල් ආයතනය තම අවසන් iPhone සංස්කරනය නිකුත්ක්කොට කෙටිකලක් ගෙවෙමින් තිබෙන මෙම මොහොත වන විට ඔවුනගේ මීලග iPhoneයේ නිකුතුව පිලිබදව තොරතුරු කථා බහට ලක්වෙමින් තිබෙනවා. 2014 දෙවන භාගයේ වෙළ්ඳ පොලට පැමිනෙතැයි බලාපොරොත්තුවන මෙහි විශාල screen එකක සමග වක්‍ර හැඩැති නිමැවුමක් ‍රැගෙන එනු ඇති බවටයි බලාපොරොත්තුව වන්නේ.දැනට LG මෙන්ම samsung වෙතින් පැමින ඇති නිකුතුවන්ට වෙනස් ව දුරකථනයේ හතර දිශාවෙ කොන් වෙතට වක්‍රව පැමිනෙනු ඇති බවට බලාපොරොත්තුවන මෙම දුරකථනය අඟල් 4.7 හා 5.5 displays අලින් සමන් විතව පැමිනෙනු ඇති බවටයි දැක්වෙන්නේ.එමෙන්ම එම දුරකථනය සමග පැමිනෙන වෙනත් තාක්ශනයන් අතර භාවිතාකරන්නා touchscreen වෙතට යොදවන බලයේ ප්‍රමානය සමගද වෙනස් මෙහෙයවීම් හැටියට හදුනා ගන්නට දුරකථනයට හැකිවන තාක්ශනයක් පිලිබදවද කරුනු හෙලි වෙමින් තිබෙනවා.

Firefox බ්‍රවුසරය වෙතට නව මුහුනතක් අත්හදා බැලීම ඇරබේ!!!!

Firefox බ්‍රවුසරය වෙතට නව මුහුනතක් අත්හදා බැලීම ඇරබේ!!!!


  Mozilla පවනවා තමන් තම Firefox බ්‍රවුසරය වෙත නව මුහුනතක් හා දියුනු කිරීම් කිහිපයක් හදුන්වා දෙන්නට කටයුතු කරමින් සිටින බවකි.Australis ලෙසටන නම් වන මෙම නව theme ය  අද දිනයේ සිට අත්හදා බැලීමේ මට්ටමින් නිකුත්වන අතර ආයතනය පවසන්නේ අනාගතයේදී දියුනු කරන්නට බලාපොරොත්තුවන streamlined interface භාවිතාවක් ඉලක්ක කරගනිමින් මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක වන බවයි. දැනට නිකුත්වන අත්හදා බැලීම් ඔස්සේ ලැබෙන ප්‍රථිචාර මත එලබෙන අප්‍රේල් මාසයේ පමන මෙහි අවසාන සංස්කරනයක් නිකුත්කරන්නට දැනට ඔවුන් සැලසුම් කර ඇති බවටයි නිවේදනය කර සිටින්නේ. ආයතනය සියලුමපාහේ මෙහෙයුම් පද්ධති මත ක්‍රියාත්මක වන තම බ්‍රවුසර සංස්කරනයන් සදහා වේගවත් දියුනු කිරීම් සදහා අවධානය යොමුකර ඇති අතර පවසා සිටින්නේ බ්‍රවුසර මට්ටමේ සිට සියලුම platforms අතර ඒක මිතික භාවිතාවකට භාවිතාකරන්නා හට අවකාශ සැලසීම තම ඉලක්කයක්ව ඇති බවයි. ආයතනය පවසන්නේ නව අත්හදා බැලීම් සදහා උනන්දුවක් දක්වන භවිතාකරන්නන් සදහා මෙම නව පෙර සංස්කරනය පහත දැක්වෙන ලිපිනය ඔස්සේ දැන් ලබා ගත හැකි බවයි.

FBI අවශ්‍ය විටදී ඔබගේ වෙබ් කැමරාවද විවෘතකරන්නට හැකිය.(හිටපු FBI උසස් නිලධාරියෙකු පවසයි)

FBI අවශ්‍ය විටදී ඔබගේ වෙබ් කැමරාවද විවෘතකරන්නට හැකිය.(හිටපු FBI උසස් නිලධාරියෙකු පවසයි)



  පසුගිය වසරේදී ඇමරිකානු ආරක්ශක අංශ වෙතට එල්ලවූ තර්ජන අතර Mo නැමැත්තෙකුගෙන් ලැබුනු තර්ජනාතමක පනිවිඩ විශේෂ තැනක් ගන්න ලදී. එනම් ඔහුගේ තර්ජනයන් වූවේ තමන් ඇමරිකානු අධ්‍යාපනුක ආයතන මෙන්ම ගුවන්යානා තො‍ටුපොලවල් වෙතට බෝම්බ ප්‍රහාර මාලවක් සදහා සූදානම් වන බවයි.එම තර්ජන හමුවේ FBI ආයතනය තම Hacker Team  වෙතට භාරවූ ඉලක්කයක් වූවේ ඔහුට නොදැනී ඔහුගේ පරිගණකය වෙත පිවිස එම පරිගණකය ගැන තොරතුරු මෙන්ම ඔහු යන එන වෙබ් අඩවි ගැන තොරතුරු දැනගන්නට කටයුතු කිරීමයි.එම කන්ඩායම විසින් නිපදවන ලද කුඩා මෘදුකාංගය Yahoo මේල් සේවාව ඔස්සේ එම පරිගණකයේ තැන්පත්කරන්නට සමත්වූ අතර ඔහු ගැන විශාල ප්‍රමානයක තොරතුරු ‍රැස්කර ගන්නට එහිදී සමත් විය.කෙසේ නමුත් මෙම Mo නැමැත්තාට එරහිව පියවරක් ගන්නට FBI ආයතනයට නොහැකිවූවේ ඔහු ඉරානයට පලායන්නට සමත්වූ බැවිනි.
                                        මෙම තොරතුරු හෙලිකරමින් හිටපු ඇමරිකානු FBI උසස් නිලධාරියෙකු පුවත්පත් පත් සාකච්චාවකදී පවසා සිටියේ තම ආයතනය් සතුව ඔනෑම පරිගණකයකට අනවසරයෙන් පමනක් නොව භාවිතාකරන්න කිසිසේත් නොදැනෙන අයුරින් ඇතුලුව ඔහු කියන කරන දෑ පිලිබදව විමසන්නට අවශ්‍ය කරන තාක්ශනය තිබෙන බවයි. අවශ්‍ය විටකදී භාවිතාකරන්නාට නොදැනෙන ලෙසට ඔහුගේ webcam  එක විවෘත කොට ඔහුගේ හැසිරීම් නිරීක්ශනය කිරීමේ හැකියාවෙන් පවා එම ආයතනය සන්නද්ද බවටයි හෙලි කොට සිටියේ.

මයික්‍රසොෆ්ට් මෙහෙයුම් පද්ධතිවල මීලග හැරවුම “Threshold” නමින් 2015දී...

මයික්‍රසොෆ්ට් මෙහෙයුම් පද්ධතිවල මීලග හැරවුම “Threshold” නමින් 2015දී...


  වින්ඩෝස් 8.1 ආයතනය තුල සංවර්ධනය වෙමින් ඇති කාලයතුල එය වෙත ලබාදී තිබූ සංකේත නාමය වූවේ Blue යන්නයි.වින්ඩෝස් 8.1 නිකුතුවත් සමග නොනිළ ආරන්චි මාර්ග පැවසුවේ මීලග මෙගා සංස්කරනයක් වින්ඩෝස් 8 වෙතට පැමිනීමට ඇත්තේ 2015දී පමන වනු ඇති බවටයි.විස්වාස දායක ආරන්චි මාර්ග පවසනේ එය “Threshold” ලෙසින් සංකේත නාමයක් යටතේ ආයතනය තුල සංවර්ධනය වෙමින් පවතින බවකි. මෙම මෙහෙයුම් පද්ධතිය පිලිබදව වැඩි දුර තොරතුරු හෙලි නොවුනද එය Windows Phone, Windows, හා Xbox One භාවිතාවන් එකට එක් කරන එකක වනු ඇති බවටයි පැවසෙන්නේ.මයික්‍රසොෆ්ට් මීලග ඉලක්කයක් වෙමින් ඇති one platform  සදහා මෙම පියවර වඩාත් අදාලවනු ඇති බවටයි හදාරන්නන්ගේ මතය වන්නේ.වින්ඩෝස් 8.1 සදහා මීලග ප්‍රධාන යාවත්කාලීනයක් update 1 නමින් 2014 Spring වලදී පැමිනෙනු ඇති බවටත් තොරතුරු හෙලි වෙමින් තිබෙනවා

Google Map වෙතට ඔබගේම street view එකතුකිරීමට දැන් හැකිය!!

Google Map වෙතට ඔබගේම street view එකතුකිරීමට දැන් හැකිය!!


 අති සරල මට්ටමින් සැලකීමේදී පවා ගූගල් මැප් යනු Digital භාවිතාව තුල භාවිතාකරන්නෙකු සදහා ගෙනෙන සහය අසීමිතය. සේවාවක් වඩාත් සාර්ථක වන්නට නම් වඩ වඩාත් භාවිතාකරන්නෙකුට සමීප සේවාවක් බවට එය පත්කල යුතුය.ගූගල් ආයතනය නිවේදනය කරන්නේ තම Google Map සේවාව තුල භාවිතාකරන්නෙකුටද street view  එකක නිර්මානය කර ගැනීමේ පහසුවක් ලබා දෙන්නට කටයුතු කර මින් සිටින බවකි.සංකීර්න තාක්ශනික සහයක් සමග ගොඩ නැගෙන එම street view අංගය භාවිතාකරන්නෙකුට අපහසු අත්දැකීමක් ලෙසට බැලූ බැල්මට හැගෙන මුත් ගූගල් ආයතනය පවසන්නේhttp://adf.ly/agBzx අඩවිය ඔස්සේ ලැබෙන පහසුකම් භාවිතාකරමින් සාමන්‍ය භාවිතාකරන්නෙකුට පවා තම ඡායාරූ භාවිතාකරමින් 360º virtual tours  එකක් නිර්මානය කර ගැනීම පහසුවනු ඇති බවය. ආයතනය වැඩි දුරටත් පැහැදිලි කරසිටින්නේ  ඇන්ඩ්‍රොයිඩ් දුරකථනයක් ඔස්සේ පවා පලමුව සැලසුම් කර ගන්නා රටාවකට ඡායාරූ ලබා දීම හැරුනු විට ආයතනය් විසින් ලබා දෙන පහසූන් ඔස්සේ ඉතා සරල පියවරවල් ඔස්සේ භාවිතාකරන්නෙකුට තමන්ගේම street view එකක් නිර්මානය කර ගැනීමේ හැකියාව තිබෙන බවයි.

විස්මිත දසුනක්! කැස්බෑ මවක් සිඟිති කැස්බෑ පැංචෙකුට පිහිනන්ට ඉගැන් වූ හැටි!

විස්මිත දසුනක්! කැස්බෑ මවක් සිඟිති කැස්බෑ පැංචෙකුට පිහිනන්ට ඉගැන් වූ හැටි!

දියට බසින්නට කලින් කැස්බෑ මව පැටියාත් පිට උඩ තියාගෙන ගොඩැල්ලක් මතට වී මඳ වේලාවක් බලා සිටියා. 

මව පසුපාදවලට බර දී ඉදිරි පාද නිදහසේ දෙපසට විහිදෙව්ව පිහිනුම් ඉරියව්වක දී වගේ. ඒ දෙස බලා ගෙන සිඟිති කැස්බෑ පැංචාත් මවගේ පිට උඩ ඉඳන් ඉස්සරහ ගාත් දෙක දෙපසට විහිදෙව්වා හරියට ළය ආර පිහිනුම් ඉසව්වට තරඟ කරනවා වගේ.

 
ආදරබර මොහොතක්: පුංචි කැස්බෑවා අම්මා අත් චලනය කරන ආකාරය අනුකරණය කරමින් ගොඩ සිට පිහිනන්නට ඉගෙන ගත හැටි! ඇමරිකාවේ ෆ්ලොරිඩා ජනපදයේ කිස්සිමීහි ශින්ගල් කී‍්‍රක් උද්‍යානයේ දී දුටු දසුනකි.

 
අම්මත් පැටියත් දෙන්නා වතුර දෙස හැරී මඳක් බලා සිටියා. ඊළඟට අම්මා පුතා දෙස බලා පිහිනන ඉරියව්වක් පෑවා.

 
‘ඒක දක්කාම මට මගේ ඇස් අදහන්න බැරි වුණා. මං අසිරිමත් මොහොත ඡායාරූපයට නැඟුවා.’ ආධුනික ඡායාරූප ශිල්පිනියක වූ මාරියා මැන්සානෝ කීවා.

මේ සිත් ගන්නා දසුන කැමරාවට නැඟුවේ ඇමෙරිකාවේ ෆ්ලෝරිඩාවේ, කිස්සිමීහි ශින්ගල් කී‍්‍රක් පාක්හි දී. තරුණ ඡායාරූප ශිල්පිනියක් වූ මාරියා මැන්සානෝ තමයි, එයාගෙ නම.

21 හැවිරිදි මැන්සිනෝ මෙණෙවිය ඒ ගැන කියන්නේ මෙහෙමයි: ”මං ඡායාරූප ගනිමින් ඒ උද්‍යානයෙ ඇවිද ගෙන යද්දි එකපාරට ම එහි විල අසලදි මං දැක්කා, ගල් පිලිමයක් වගේ එකා මත එකා නැඟ ගෙන සිටින කැස්බෑවුන් දෙන්නා. මට ඇස් අදහගන්න බැරිවුණා. මං විමසිල්ලෙන් ඒ දෙස බැලූවා. යට හිටිය අම්මාත් පිට උඩ හිටි පැටියාත් එකම විධියට පාද හැසිරෙව්වා. ටිකක් වෙලා ගියාමයි, මට තේරුම් ගියේ ඒ අම්මා පැටියාට පිහිනන හැටි දියට බහින්න ඉස්සර කියා දෙන ආකාරය බව. පැටියා අම්මාව අනුකරණය කරමින් පුහුණු වුණා.”

ඈ තමා දුටු දෙය කෙරෙහි විස්මය පළ කළා. ”මං අසල ඉන්නවා කියා බියක් ඔවුන් දැක්වූයේ නෑ. අම්මා තමන්ගේ පාඩුවේ දරුවාට ඉගැන්නුවා. කොයිතරම් අපූරු දෙයක් ද සත්වලෝකයේ මවක දරුවකුට උගන්වන එක දැක ගන්න ලැබීම.” ඇය අවසාන වශයෙන් කීවා

සදාකාලික යොවුන් බව මිනිස් දිවියට උදාවේද?


සෛල තිරිහන් කිරීම නිසා සදාකාලික යෞවනත්වය මිනිස් දිවියට උදාවේද? ජාන පිළිබඳ පවත්වන ලද අලුත්ම පර්යේෂණයක ප්‍රතිඵල වලින් පසුව බොහෝ නිරීක්ෂකයෝ බලාපොරොත්තු සහගතව එසේ ඇසූහ.
ඉතිහාසයේ ප්‍රථම වරට සොබාවික රසායනයක් පාවිච්චි කළ විද්‍යාඥයෝ එමඟින් විද්‍යාගාරයක් තුළදී මනුෂ්‍ය සෛලයක ආයුෂ පුදුම සහගත ලෙස වැඩි කළහ.මේ රසායනයම යෙදා අපේ සිරුරේ අග පසග ඇට නහර සම් මස් ලේ ඇතුළු මේ සියල්ල තැනී ඇති සෛල අමරණීය කළ හැකිද? මහලු වීම බාල කළ හැකිද? මිනිස් ආයුෂ දික්කරවිය හැකිද?මේ ආදී වශයෙන් කුතුහලය දනවන ප්‍රශ්න රාශියක් පර්යේෂණය නිසා පැන නැංගේය.
තරුණ සෛලවල දක්නට ඇති අසාමාන්‍ය රසායන ද්‍රව්‍යක් මඟින් සෛල මහලු වීමට එරෙහිව ආරක්ෂාව සපයන බවට බොහෝ කාලයක් තිස්සේ තිබූ සැකය ඇත්තක් බව මේ පර්යේෂණයෙන් ඔප්පු විය.මේ රසායන වර්‍ගය වැඩිහිටි සෛලවල බොහෝවිට දක්නට නොලැබේ.එහෙත් මහලු වීගෙන යන මිනිස් සෛලවලට මේ රසායනය එක්කළ  විට තිරිහන් බවට පත් ඒ සෛල තරුණ ඕජයෙන් පිරී ඉතිරී ගියේය.
ටෙක්සාස් විශ්වවිද්‍යාලයේ නිරිතදිග වෛද්‍ය මධ්‍යස්ථානය සමග එක්ව මෙම සාර්ථක පර්යේෂණ කලේ කැලිෆෝනියාවේ ජීව තාක්ෂණ සමාගමක් වු “ජෙරෝන් කෝපරේෂන්”ය.
“ශරීරයේ ඇති වන ජීව විද්‍යාත්මක මහලු වීම නතර කළ හැකි බව අපි සොයා ගත්තෙමු”යයි පිරික්සුම ගැන උදම් අනන නිරිතදිග ටෙක්සාස් වෛද්‍ය මධ්‍යස්ථානයේ ජෙරී ෂේ පවසයි.
ශරීරයේ ‍සෛල සදාකාලිකව තරුණ බවින්පැවතිය යුතු නම් ඒවා බෙදි බෙදී පැවතිය යුතුය.මෙසේ විද්‍යාගාරයක පිරික්සුම් තලියක් තුළ සදාකාලිකව බෙදෙමින් පවත්නා සෛල ඇති කිරීමත් ශරීරයේ ආයුෂ වැඩිකිරීමත් අතර මහත් වෙනසක් ඇතැයි පර්යේෂණ ප්‍රතිඵල වලින් උද්දාම නොවූ පිරිසක් පැවසූහ.සදාකාලිකව බෙදෙමින් පවතින යෞවන ගුණය ඇති භයානක ස්ථානයක් නම් පිළිකා සෛලය.ඒ නිසා මේ රසායනය මඟින් පිළිකාවලටත් මඟක් කැපේද කියා ඇතැමෙක් බිය පළ කළහ.
සදාකාලික යෞවනය පිළිබඳව මේ උද්යෝගය පැන නැංගේ මිනිස් ශරීරයේ සෛල තුළ ඇති අණුක ව්‍යුහයක් වූ ටෙලොමෙරස් නිසාය.මිනිස් සෛලයක් තුළ ඇති ක්‍රොමසෝම 46 අග,සපත්තු ලේස් පටියක් අග ඇති ප්ලාස්ටික් අන්තය වැනි ස්වරූපයෙන් මේවා පිහිටා තිබේ. ක්‍රොමසෝම වල අග ගෙවී යාම වළකින්නේ මේවා නිසාය.සෛලයක් බෙදෙන හැම වාරයකදීම ටෙලොමෙරස් කොට වෙයි.තරුණ සෛලවල නම් මේ ටෙලොමෙරස්(Telomeres) නම් කොටස ටෙලොමරේස්(Telomerase) නම් රසායන ද්‍රව්‍යක් නැත්නම් එන්සයිමයක් නිසා නැවත වැඩෙයි.එහෙත් මහලු සෛලවල මේ ටෙලොමරේස් නම් එන්සයිමය නැත.එය නැති විට සෛල බෙදීමක් සිදුවන හැම වාරයකදීම ටෙලො‍මෙරස් කොට වෙයි.මේ කොටවීම ඔරලෝසුවක් මඟින් කාලය යන බව කීමක් වැන්න.මේවා කොතරම් කොට වන්නේදැයි කිවහොත් සෛලයේ ක්‍රොමසෝම පැටලී එය බෙදීම නවතී.වෘධභාවයට පත්ව ක්‍රමයෙන් මරණය බලා ගමන් අරඹයි.
මහලු වියට පත්වන මිනිස් සෛලවලට යළිත් ටෙලොමරේස් එන්සයිමය නිපදවීමේ හැකියාව ඇති කළ හැකිනම් ඒවා මියයාම නතර කරවිය හැකිබව බොහෝ කාලයක් තිස්සේ විද්‍යාඥයෝ පළ කළහ.
විද්‍යාගාර තලිවල රෝපිත මිනිස් සෛල වර්ග තුනකට ටෙලොමරේස් යෙදූවිට ඒවා බෙදී අලුත්වන නිශ්චිත කාලයේදී ඒ ක්‍රියාමාර්ගය නතර නොවී දිගටම එය පැවතියේය.නිරිතදිග ටෙක්සාස් වෛද්‍ය මධ්‍යස්ථානය වෙනුවෙන් මේ පරීක්ෂණය මෙහෙයවන ලද්දේ ජෙරී ඩබ්ලිව්.ෂේ සහ වුඩ්රිංග් රයිට්ය.ජෙරෝන් කෝපරේෂන් වෙනුවෙන් පර්යේෂණය භාරව කටයුතු කලේ ඇන්ඩ්‍රියා බොඩ්නාර් මයිකල් ඕලට් සහ කැල්වින් බී.හාලිය.
“මේ සෛල අමරණීයභාවයට පත්කොට ඇතැයි අපි සැක කරමු”යි රයිට් උදම් වෙමින් පැවසුවේය.වයසට යාම තුළ සෛල වෘධභාවයට පත්වීමට වඩා වැඩි දෙයක් ඇතිබව කී රයිට් ඇතැම් ඉන්ද්‍රියයන් අනාගතයේදී තාරුණ්‍යයෙන් තබන්නට ටෙලොමරේස් විදීමෙන් හැකිවනු ඇතැයි තමා විශ්වාස කරන බවද ප්‍රකාශ කලේය.එහෙත් ශරීරයේ හැම සෛලයක්ම ක්‍රියා කරන්නේ එකම ආකාරයෙන් නොවේ.
මේ නව සොයාගැනීම නිසා සෞඛ්‍ය තත්වය ඉහලින් තබන්නටද ඒ මඟින් ආයුෂ වැඩි කරන්නටද පුළුවන් වනවා සිකුරුයි යන්න ඔහු ප්‍රකාශ කළේය.
ඒත් ටෙලොමරේස් නිසා පිළිකා රෝගය ඇතිවෙයිද?
ජෙරෝන් කෝපරේෂන්හි කැල්වින් හාලි නම් විද්‍යාඥයා කියන්නේ පිළිකා සෛල ඇතිවූ පසුව එය පැවැත්වීමට මිස ඇතිවීමට ටෙලොමරේස් හේතු නොවන බවයි.ඇත්තවශයෙන්ම ටෙලොමරේස් ඇද්දැයි කෙරෙන පරීක්ෂණ මඟින් පිළිකා ඇතිබව සොයාගත හැකිබවද ඔහු පවසයි.මියයන සෛලවලට යොවුන් ඕජයක් දීමෙන් නව ජීවනයට පත්කිරීමට සිදුකෙරුණු මේ සාර්ථක පර්යේෂණය හේතු කොටගෙන අනාගතයේදී මහලුවීමත් සමඟ ඇතිවන හම ඇකිලීම,ඇස් පෙනීම බාලවීම,රුධිර ධමනීන් ගල්වී ඇතිවන වාහිනී රෝගවලට පමණක් නොව පිළිකාවලට පවා පිළියම් සෙවීමට හැකිවනු ඇතැයි වෛද්‍ය විද්‍යාඥයෝ විශ්වාස කරති.
මේ ක්‍රමය යොදා ගනිමින් පිළිස්සුම් තුවාල ලත් රෝගීන්ට ඔවුන්ගේම සෛල ගෙන අලුත් සමක් සාදාගත හැකි යයිද ඔවුහු විශ්වාස කරති. ටෙලොමරේස් නිපදවීම අත්හිටවන බේත් සොයාගැනීමෙන් පිළිකාවලට සාර්ථක ඖෂධයක් සාදාගත හැකි යයිද ඔවුහු සිතති.
අමරණීයත්වය සෙවීමට ඉතිහාසය පුරා ඇල්කෙමිස්ට් නම් ආදී රසායන විද්‍යාඥයෝද,ගවේෂකයෝද,ගූඪවාදීහූද තැත් කළහ.අනාගතයේදී විද්‍යාඥයෝ එය සොයාගනීද?

මයික්‍රසොෆ්ට් සමග නව ආකාරයේ panoramic අත් දැකීමකට..

මයික්‍රසොෆ්ට් සමග නව ආකාරයේ panoramic අත් දැකීමකට..

  මයික්‍රසොෆ්ට් සමාගම තම Photosynth ආකාරයේ අත්දැකීමක් භාවිතාකරන්නන් හට ලබදෙන්නට සමත් මෘදුකාංගයක් දියුනු කිරීමේ ක්‍රියාවලියේ තවත් නිකුතුවක් මේ වන විට සිදුකොට තිබෙනවා. 2D ආකාරයේ ඡායාරූ කිහිපයක් ඇසුරින් වඩාත් අපූරු panoramic අත් දැකීමක් ගෙනෙන්නට සමත් මෙම මෘදුකාංගයේ තෙවන පරම්පරාවේ පෙර සංස්කරනයක් නව අංග කිහිපයක් සමග නිකුත්කොට ඇති බවටයි නිවේදනය වන්නේ.
                       ආයතනය පවසන්නේ සාමන්‍ය අක්ශක 360ක් පුරා දිවෙන සාමාන්‍ය panorama mode අත්දැකීමට අමතරව නරබන්නා ඡායාරූ අතරින් ඇවිදයන විට ලැබෙනවාට සමාන අත්දැකීමක් මෙන්ම නරබන්නාට sliding  ආකාරයේ අත්දැකීමක් ගෙනෙන ආකාරයට වන නව දියුනු කිරීම් කිහිපයකින්ද සමන්විත වන බවටයි පවසා සිටින්නේ.ආයතනය පවසන්නේ එම වෙබ් අඩවිය වෙතට ඡායාරූ upload කිරීමෙන් එම අත්දැකීම ලැබෙන නිමැවුමක් ලබා ගන්නට හැකි අතර එම නිමැවුම Facebook , Twitter  මෙන්ම වෙබ් අඩවියක් ඔස්සේද අනෙකුන් සමග බෙදා හදා ගැනීමේ හැකියාව පවතින බවටයි පවසා සිටින්නේ.

නිනිති තාක්ෂණය


ත්‍රිපිටකය සිංහලෙන් තෙවලා දහම හෙල බසින්

ත්‍රිපිටකය සිංහලෙන් තෙවලා දහම හෙල බසින්

http://adf.ly/ag8MJ
THE TIPITAKA
The Pali is based on the Sri Lanka Buddha Jayanti Tipitaka Series.
Sinhala is the A.P. de Soyza's translations.
English is by various authors often downloaded from the Internet.
[Last update: October 25, 2010}
You should download and install the fonts from here before you proceed. New fonts  where put up on 30 - 6 - 2000

Latest update In A single Zip file 17.7 MB   put up on October 25 2010
We are expecting much progress over the next few months in this area and would like to have help in typing in the Sinhala texts.
If anyone would like to help us in editing and making links in the html files then that is welcome
Those of you that make use of this page are kindly requested to get our new CD updated regularly (Sri Lanka only).

ඔබ රැකියාවක් සොයනවාද ?

ඔබ රැකියාවක් සොයනවාද ?
ඔබ සොයන්නේ රැකියාවක් නම්,
අපේ වෙබ් අඩවිය තුල ලියාපදිංචි වන්න
http://adf.ly/ag7tm