© Shalitha Nayanapriya | 2012 | All rights Reserved. Powered by Blogger.

Blog Archive

Friday, December 13, 2013

විස්මිත දසුනක්! කැස්බෑ මවක් සිඟිති කැස්බෑ පැංචෙකුට පිහිනන්ට ඉගැන් වූ හැටි!

විස්මිත දසුනක්! කැස්බෑ මවක් සිඟිති කැස්බෑ පැංචෙකුට පිහිනන්ට ඉගැන් වූ හැටි!

දියට බසින්නට කලින් කැස්බෑ මව පැටියාත් පිට උඩ තියාගෙන ගොඩැල්ලක් මතට වී මඳ වේලාවක් බලා සිටියා. 

මව පසුපාදවලට බර දී ඉදිරි පාද නිදහසේ දෙපසට විහිදෙව්ව පිහිනුම් ඉරියව්වක දී වගේ. ඒ දෙස බලා ගෙන සිඟිති කැස්බෑ පැංචාත් මවගේ පිට උඩ ඉඳන් ඉස්සරහ ගාත් දෙක දෙපසට විහිදෙව්වා හරියට ළය ආර පිහිනුම් ඉසව්වට තරඟ කරනවා වගේ.

 
ආදරබර මොහොතක්: පුංචි කැස්බෑවා අම්මා අත් චලනය කරන ආකාරය අනුකරණය කරමින් ගොඩ සිට පිහිනන්නට ඉගෙන ගත හැටි! ඇමරිකාවේ ෆ්ලොරිඩා ජනපදයේ කිස්සිමීහි ශින්ගල් කී‍්‍රක් උද්‍යානයේ දී දුටු දසුනකි.

 
අම්මත් පැටියත් දෙන්නා වතුර දෙස හැරී මඳක් බලා සිටියා. ඊළඟට අම්මා පුතා දෙස බලා පිහිනන ඉරියව්වක් පෑවා.

 
‘ඒක දක්කාම මට මගේ ඇස් අදහන්න බැරි වුණා. මං අසිරිමත් මොහොත ඡායාරූපයට නැඟුවා.’ ආධුනික ඡායාරූප ශිල්පිනියක වූ මාරියා මැන්සානෝ කීවා.

මේ සිත් ගන්නා දසුන කැමරාවට නැඟුවේ ඇමෙරිකාවේ ෆ්ලෝරිඩාවේ, කිස්සිමීහි ශින්ගල් කී‍්‍රක් පාක්හි දී. තරුණ ඡායාරූප ශිල්පිනියක් වූ මාරියා මැන්සානෝ තමයි, එයාගෙ නම.

21 හැවිරිදි මැන්සිනෝ මෙණෙවිය ඒ ගැන කියන්නේ මෙහෙමයි: ”මං ඡායාරූප ගනිමින් ඒ උද්‍යානයෙ ඇවිද ගෙන යද්දි එකපාරට ම එහි විල අසලදි මං දැක්කා, ගල් පිලිමයක් වගේ එකා මත එකා නැඟ ගෙන සිටින කැස්බෑවුන් දෙන්නා. මට ඇස් අදහගන්න බැරිවුණා. මං විමසිල්ලෙන් ඒ දෙස බැලූවා. යට හිටිය අම්මාත් පිට උඩ හිටි පැටියාත් එකම විධියට පාද හැසිරෙව්වා. ටිකක් වෙලා ගියාමයි, මට තේරුම් ගියේ ඒ අම්මා පැටියාට පිහිනන හැටි දියට බහින්න ඉස්සර කියා දෙන ආකාරය බව. පැටියා අම්මාව අනුකරණය කරමින් පුහුණු වුණා.”

ඈ තමා දුටු දෙය කෙරෙහි විස්මය පළ කළා. ”මං අසල ඉන්නවා කියා බියක් ඔවුන් දැක්වූයේ නෑ. අම්මා තමන්ගේ පාඩුවේ දරුවාට ඉගැන්නුවා. කොයිතරම් අපූරු දෙයක් ද සත්වලෝකයේ මවක දරුවකුට උගන්වන එක දැක ගන්න ලැබීම.” ඇය අවසාන වශයෙන් කීවා

No comments:

Post a Comment