2012 වසරේ නිකුත් වු IMDB හි 7.2 අගයක් ලබා ගත්වගේම ඔස්කාර් සම්මාන හා තවත් සම්මාන 24කට නිර්දේශ වු චිත්රපටියක් තමයි අද අරගෙන ආවේ.මෙහි ප්රධාන චරිතයට පණපොවන්නේ ඔබ කවුරුත් දන්න Denzel Washington විසින් ඔහු රගපැ චිත්රපටි අතරින්The Book of Eli හා Safe House වැනි චිත්රපටි දැනටම සිංහල උපසිරැසි එක්ක ලබාගන්න පුලුවන්.මේ චිත්රපටිය නම් වැඩිහිටියන් ඉලක්ක කරගෙන නිපදවුවක් චිත්රපටියේ නිරුවත් දර්ශන කිහිපයක්ම අඩංගු වෙන නිසා පවුලේ හැමෝටම එක්ව නැරඹන්න නම් බැහැ.නමුත් චිත්රපටියේ කතාව නම් ඔබ නැරඹිමය යුතුයි කියලා නිර්දේශ කරන්න පුලුවන්.
චිත්රපටිය ගැන කියනවා නම් ගුවන් නියමු Whip Whitaker ටිකක් විතර සල්ලාල ජිවිතයක් ගත කරන්නේ.ඔහු නොබන මත්ද්රව්යයක් නැහැ.සැම මත්ද්රව්යයකටම ඔහු දැඩිව අබ්බැහි වෙලා ඉන්නවා.එක්තරා දිනක ටිකක් දරුණු කාලගුණ තත්වයක් හමුවේ මොහුට ගුවන් ගමනක් යෙදෙනෙවා.
මොහු ගුවන් ගමනේ යෙදෙන්න කලින්ම අධිකව මත්පැන් වගේම මත්ද්රව්ය බාවිතා කරනවා.පාරේ වාහනයක්වත් මත්ද්රව්ය අරන් එලවන්න බැරිකොට ගුවන් යානයක් පැදෙව්වාම කොහොමට තියේවිද කියලා හිතාගන්න පුලුවන්නේ.නමුත් මොහු පුරුද්දක් වගේ ඒ විදියට තමයි ගුවන් යානය පියාසර කරන්නේ.නමුත් මේ කියන දිනයේ ඔහුගේ ගුවන් යානයට දරුණු ඉරනමක් අත්වෙනවා.මෙයින් පසු ඔහුගේ ජිවිතේ වෙනම පැත්තකට තල්ලුවෙන්න හේතුවක් වෙනවා.තව වැඩි විස්තර කියන්න යන්නේ නැහැ ඔබ චිත්රපටිය අරගෙනම බලන්න.මෙම චිත්රපටිය පැය 2යි විනාඩි 10ක් පුරාවට දිව යනවා.අනිවාර්යෙන් ඔබ නරඹන්න.

No comments:
Post a Comment